එලොව පොල් පෙනෙන පොල් මිලට රජයෙන් පාලන මිලක්
November 24, 2017 01:53 pm
පොල් සඳහා පාලන මිලක් නියම කිරිම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ පිළිබඳව පසුගියදා පැවැති ජිවන වියදම් කමිටු රැස්වීමේදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොල් සඳහා රුපියල් 75ක් වැනි උපරිම සිල්ලර මිලක් නියම කිරිම පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ.
ඉදිරි සතිය වන විට පොල් සඳහා පාලන මිලක් පැනවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ජිවන වියදම් කමිටු සාමාජිකයෙකු අද දෙරණට සදහන් කළේය.
පොල් ගෙඩියක් මේ වන විට රුපියල් 100ත් 110ත් අතර මිලකට වෙළදපොලේ අලෙවි කෙරෙන අතර පොල් ගෙඩියේ බර අනුව මිල නියම කෙරෙන අවස්ථාද ඇතැම් ප්රදේශවලින් වාර්තා වන බව සඳහන්ය.