අඹතලේ සුද්ද කරන්න කොළඹ වතුර නවත්තයි
November 24, 2017 11:51 am
කොළඹ ප්‍රදේශ රැසකට හෙට දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
හෙට පෙරවරු 08.00 සිට අනිද්දා අළුයම 02.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනිමට සිදු වන බව එම මණ්ඩලය නිවේදනය කළේය.