උපන්දිනේ කේක් කපලා මිනිහෙකුත් කපයි(ඡායාරූප සහිතයි)
November 24, 2017 10:59 am
කුලියාපිටිය, කඹුරාපොල, මූණමල්දෙනිය ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
නිවසක පැවැති උපන්දින සාදයකදි මත්පැන් පානය කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ 32 හැවිරිදි බුද්ගමුව, මූණමල්දෙනිය ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බව සඳහන්ය.
ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.