ලක්ෂ 21 ක මත් පෙති සමඟ වැල්ලම්පිටියේදී අයෙක් පොලිස් දැලේ

ලක්ෂ 21 ක මත් පෙති සමඟ වැල්ලම්පිටියේදී අයෙක් පොලිස් දැලේ

November 24, 2017   09:49 am



වැල්ලම්පිටිය, කොලොන්නාව ප්‍රදේශයේදී යාබා නමැති මත්පෙති සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

එහිදී සැකකරු සතුව තිබී යාබා නමැති මත් පෙති 1475ක් සොයාගෙන ඇති අතර එහි වටනාකම රුපියල් ලක්ෂ 21ක් පමණ වන බව සඳහන්ය.

සැකකරු කොලොන්නාව ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.