විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

November 24, 2017   08:53 am



අයවැය කාරක සභා විවාදයේ 7 වන දිනය අදයි. 

අද දිනයේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ, වැවිලි කර්මාන්ත, තිරසර සංවර්ධන හා වනජීවි යන අමාත්‍යාංශවල හි වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවා තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.30ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.