ගජමුතු සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

ගජමුතු සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ

November 24, 2017   08:01 am



පොල්පිතිගම ප්‍රදේශයේදී ගජමුතු සමඟ  පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන කොට්ඨාසයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

එහිදී ඔවුන් සතුව තිබී ඇත් දළ ජෝඩුවක් සහ ගජමුතු 06ක් වලාන දූෂණ මර්දන කොට්ඨාසයේ නිළධාරින් විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් 32 හැවිරිදි සහ 40 හැවිරිදි ගල්ගමුව සහ මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

ඔවුන් අද මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පොල්පිතිගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.