දු.ක. කිවුවම කොන්ඩම් දෙන මැෂිමක් කොළඹ(ඡායාරූප සහිතයි)
November 23, 2017 04:55 pm
උපත් පාලන කොපු පහසුවෙන් ලබා ගැනීමට හැකි යන්ත්ර ශ්රී ලංකාවේ සවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
එහි පළමු පියවර වශයෙන් කොළඹ බුලර්ස් පටුමග අසළ මෙම යන්ත්රයක් සවිකර ඇති අතර ඉදිරියේදී තවත් ස්ථාන රැසක එම යන්ත්ර සවි කිරීමට නියමිතය.
තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැබෙන PIN අංකය යන්ත්රයට ඇතුළත් කිරීමෙන් මෙම යන්ත්රය මඟින් උපත් පාලන කොපු ලබා ගැනීමට හැකිවන බව සඳහන්ය.
එක් පැකට්ටුවක් සඳහා දුරකථන බිළට රුපියල් 50ක් එක් වන අතර මාසික දුරකථන බිල්පතේ එය මිලදී ගත් භාණ්ඩය හෝ අදාළ කරුණ සඳහන් නොකර දක්වා ඇති බව ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය ප්රකාශ කළේය.