ඔක්තෝම්බරේ උද්දමනය 8.8 යි

ඔක්තෝම්බරේ උද්දමනය 8.8 යි

November 23, 2017   12:58 am



මේ වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට උද්දමනය සියයට 8.8 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී උද්දමනය සටහන්ව තිබුණේ සියයට 05ක් ලෙසයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ඔක්තෝබර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්දමනය සියයට 6.4ක් ලෙසත්, ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය සියයට 2.4ක් ලෙසත් වාර්තා වී තිබේ.

පොල්, එළවළු, සහල් , අමු මිරිස්, කෙසෙල් , රතු ළූණු , දෙහි සහ තේ කොළ යන ද්‍රව්‍යවල මිල වැඩි වීම ආහාර කාණ්ඩයේ වියදම් වැඩීවීමට හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.