දේශීය සුව ක්රමයේ වටිනාකම් ගැන කතා කරන්න රටවල් 50කින් එයි
November 22, 2017 08:34 pm
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ හා අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳ ප්‍රායෝගික භාවිතයේ වටිනාකම් වර්ධනීය අවස්ථා සහ නවතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය හෙට (23) ආරම්භ වෙයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
හෙට දිනයේ ආරම්භ වන මෙම ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය ලබන සෙනසුරාදා දක්වා පැවැත්වීමට නියමිතය.
රටවල් 50 කට අධික සංඛ්‍යාවකින් දේශීය වෛද්‍ය ක්‍රම සහ අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳව වෛද්‍යවරුන්, විද්වතුන්,සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන් මෙම සම්මන්ත්‍රණයට එක්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.