දුෂ්කර-හුදෙකලා පාසල් දරුවන්ට පාවහන් තිළිණපත් දෙන්න කැබිනට් අනුමැතිය

දුෂ්කර-හුදෙකලා පාසල් දරුවන්ට පාවහන් තිළිණපත් දෙන්න කැබිනට් අනුමැතිය

November 22, 2017   08:30 pm



දුෂ්කර, අති දුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසු දරුවන් සඳහා පාවහන් තිළිණ පත් ලබා දීමේ වැඩසටහන මේ වසරේ දී ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ ඒ ශ්‍රේණි අනුව පාසල් සිසුන් සඳහා රුපියල් 1200 සිට 1500 දක්වා වටිනාකමින් යුතු පාවහන් තිළිණ පත් ලබා දීම මෙහිදී සිදු වනු ඇත.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 808 කට අධික පිරිවැයක් දැරීමට නියමිත බව සඳහන්ය.

අදාළ වැඩසටහන මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.