අගමැතිතුමන් ඉන්දියාවට ළඟා වෙයි

අගමැතිතුමන් ඉන්දියාවට ළඟා වෙයි

November 22, 2017   06:44 pm



ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දින දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නවදිල්ලි නුවරට ළඟා වී තිබේ.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අග්‍රාමාත‍්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිහ මහත්මිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රධාන සන්ධාන නිලධාරී සංජේ වර්මා සහ නියෝජ්‍ය සන්ධාන නිලධාරී අභිෂේක් ශුක්ල යන මහත්වරුන් විසින් පිළිගෙන තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වගීෂ්වර මහත්මිය  සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු මහතා ද මේ අවස්ථාවට එක්ව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී  නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡාවකට එක් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා හෙට (23) දින නවදිල්ලියේ එරොසිටි හි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද සහභාගී වීමට නියමිතය.