විභාගෙන් පාස් කරන්නම් කියා සිසුන් 40ක් අපයෝජනය කළ ටීචර් අවුරුදු 40කට මහ උළුගෙට
සයුරෙන් එතෙර

විභාගෙන් පාස් කරන්නම් කියා සිසුන් 40ක් අපයෝජනය කළ ටීචර් අවුරුදු 40කට මහ උළුගෙට

November 22, 2017   06:13 pm

විභාගයෙන් ඉහළ ලකුනු ලබා ගැනීමට නම් තමා සමග ලිංගික සම්බන්ධතා පැවැත්විය යුතු බව පවසමින් ශිෂ්‍යයන් 40කට වැඩි ප්‍රමාණයක්  අපයෝජනය කළ ගුරුවරියකට අවුරුදු 40ක සිර දඩුවමක් නියම කර ඇත.

අපයෝජනයට ලක් වූ ශිෂ්‍යයකුගේ පියකු විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ෂණ ආරම්භ කළ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගැනීමට නම්  තමන්ගේ  නිරුවත් ඡායාරූප බැලිය යුතු බවත් අනතුරුව තමන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්විය යුතු බවත් මෙම ගුරුවරිය තමන් උගන්වන පසලේ  ශිෂ්‍යයන්ට බල කර ඇත.

ඒ අනුව සිය නිරුවත් ඡායා රූප  වට්ස් අප් හරහා ශිෂ්‍යන්ට යවා ඇති මෙම ගුරුවරිය උපකාරක පන්ති සඳහා යැයි කියා සිසුන් නිවසට කැඳවා ඔවුන් පොළඹවාගෙන  ලිංගික සම්බන්ධතා පවත් වා ඇති බව පොලිස් පරීක්ෂණවලදී  හෙළි වී ඇත.

වයස අවුරුදු 16 -18 ශිෂ්‍යයන් මෙම කාමාතුර ගුරුවරියට බිලිවී ඇති අතර පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ඇය අත්අඩංගුවට පත්වන මොහොත දක්වා ඇය සිසුන් 40කට වැඩි ප්‍රමණයක් සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ගුරුවරියගේ නිරුවත් ඡායාරූප එක් ශිෂ්‍යයකුගේ ජංගම දුරකථනයේ තිබී ඔහුගේ පියාට හසු වීමත් සමග මෙම අපරාධයේ සුල මුල හෙළි වී ඇත.

ඒ අනුව විමර්ෂණ ආරම්භ කළ කොළොම්බියානු පොලිසිය මෙම අපරාධකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පෙර කී දඩුවම ලබා දීමට කටයුතු කර ඇත.

මැය විවාහාක කාන්තාවක් වන අතර සිසුන් සමග මැය පවත්වන මේ සම්බන්ධතා හේතුවෙන්  ඇගේ සැමියා දික්කසාදය ඉල්ලා නඩු දමා ඇති බවද වාර්තා වේ.