මොරගහකන්දට යටවුනු තලාගොඩ සීමා නීර්ණයෙන් ගොඩ අරන්
November 22, 2017 05:31 pm
සීමා නිර්ණයන්ට අනුව නාඋල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කොට්ඨාශ 10 කට බෙදා ඇති බවත් ඉන් තලාගොඩ කොට්ඨාසය මොරගහකන්ද ජලාශට යටවී ඇති බව වාර්තා වේ.
නාඋල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන සිමා බෙදීම් වල පවතින මෙම බරපතල ගැටළු සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යංශ්‍ය නිවැරදි කිරීමේ ගැසට් නිවේදනය සතියක් තුළ පල නොකරන්නේ නම් අභියාචනාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතා පවසයි.
ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිස් මේ වන විට ලග්ගල ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින් මෙම අර්බුදය පැනනැගී ඇති බව සුසිල් පේ‍්‍රමරත්න මහතා සඳහන් කරයි.
ජලයෙන් යටවු ප්‍රදේශයේ කිසිවෙකු නැති අවස්ථාවක කොට්ඨාශයක් නම් කිරිමෙන් පසු ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ බලවත් අර්බුදයක් හටගන්නා බව සඳහන් කරමින් තමන් කරුණු දැක්වු බව සුසිල් පේ‍්‍රමරත්න මහතා අප කල විමසුමක දී ඊයේ (22) සඳහන් කළේය.
ජාතික සීමා නිර්ණ කමිටුවට මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත්, ඔවුන් ගැටළුවක් පවතින බව වටහාගත් බව හෙතෙම සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය පෙර මෙම ගැටළුව නිවැරදි විය යුතු බවත් එසේ නොවන්නේනම් අනිවාර්යෙන්ම අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පැවරීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.