කොළඹ ට්‍රැෆික් අඩු කරන්න සැප කොච්චි එයි
November 22, 2017 04:53 pm
කොළඹ නගරයේ රථවාහන තදබදය අඩු කිරීම සඳහා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමේ මූලික අදියර ලෙස ශක්‍යතා වාර්තාව හා උපදේශන කාර්යන් සඳහා කොරියාවේ සෙන් යං ආයතනය හා ගිවිසුම සඳහා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී අද (22) අත්සන් තබා ඇත.
මාර්ග තදබදය අවම කිරීම සඳහා සුඛෝපභෝගී සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
යෝජිත දුම්රිය මාර්ග පද්දතිය දුමිරිය මාර්ග හතකින් සමන්විත වේ.
මේ වන විට මෙහි ආයෝජකයන් තෝරා ගැනීම සිදු වන අතර ඒ සඳහා උපදෙස් ලබා දීම සඳහා සොං යං උපදේශන ආයතනය කටයුතු කරන අතර එම කටයුතු නිමවූ වහාම මෙහි ඉදිරිකිරීම් කටයුතු සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2018 වර්ෂයේ දෙසැම්බර් වන විට ආරම්භ කරන බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසීය.