පෙම්වතියගේ නෑයින්ට බය වූ පෙම්වතා ගලකට යට වී අවසන් ගමන් යයි

පෙම්වතියගේ නෑයින්ට බය වූ පෙම්වතා ගලකට යට වී අවසන් ගමන් යයි

November 22, 2017   04:48 pm

සිය පෙම්වතියගේ මවුපියන්ට බියෙන් ගල් වළක්‌ අසල සැඟවී සිටි පාසල් සිසුවකු කළු ගලක්‌ සිරුරට වැටීමෙන් මිය ගිය පුවතක් පාදුක්කෙන් වාර්තා වේ.
 
මෙලෙස මියගොස්‌ ඇත්තේ පාදුක්‌ක, මීරියගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අරත්පුලිගේ ජානක කුමාර නමැති මාවතගම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
 
මියගිය සිසුවා පසුගිය දිනක සිය පෙම්වතිය සමඟ නවාතැන් පළටකට ගොස්‌ ඇත. එහිදී  තරුණියගේ ඥතීන් ද එම ස්ථානයට පැමිණ ඇත.

එම ස්ථානයනේ පලා ගිය සිසුවා ගල් වළක්‌ වෙත ගොස්‌ එහි ලඳු කැලෑවේ සැඟවී ඇත. එහිදී ගල් වළේ ඉහළ තිබූ ගල් කුට්‌ටියක්‌ ඔහුගේ සිරුර මතට වැටී තරුණයා ජීවිතක්‍ෂයට පත් වී ඇත.
 
පාදුක්‌ක පොලිසිය විමර්ශනය සිදු කරයි.