හතුරුසිංහ ලංකාවට පැමිණෙයි - ලංකා කණ්ඩායම භාර ගැනීමට කැමැත්ත පල කරලා

හතුරුසිංහ ලංකාවට පැමිණෙයි - ලංකා කණ්ඩායම භාර ගැනීමට කැමැත්ත පල කරලා

November 22, 2017   01:43 pm




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  පුහුහුණුකරු ලෙස වැඩ භාරගැනීමට නියමිත බවට වාර්තා වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඊයේ (21) පස්වරුවේ දිවයිනට පැමිණි බව ක්‍රිකට් ආරංච් මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ වනවිට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැති අතර, ඉදිරි දින කිහිපයේදී ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පුහුණුකරුවන් කිහිපදෙනෙක් සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

 හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත ගොස්  වත්මන් ක්‍රිකට් පරිපාලනය සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකර ඇතැයිද කරුණු වාර්තා වේ.

එම සාකච්ඡාව ඊයේ රාත්‍රී 8.00ට පමණ ආරම්භවී ඇති අතර, එය මාධ්‍යම රාත්‍රිය තෙක් සිදුව තිබේ.

කෙසේ වෙතත් එහිදී පුහුණු කරු තණතුර භාර ගැනීම සඳහා ඔහු කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.