ඉන්ධන හිඟයක් නෑ  - අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා - අමාත්‍යාංශ ලේකම් කියයි

ඉන්ධන හිඟයක් නෑ - අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා - අමාත්‍යාංශ ලේකම් කියයි

November 19, 2017   11:16 pm


ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල්  සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙය කවුරුන් විසින් හෝ කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකව ඉන්ධන ගබඩා කර ඇති බව එතුමන් ප්‍රකාශ කළේය.

එම නිසා මහජනතාව මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක තෙල් සැපයීමට හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ඉදිරි සති දෙක තුන තුළ තවත් තෙල් නැව් කිහිපයක් ඇනවුම් කර ඇති බවත් එම නිසා මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.