මත් පෙති ජාවාරමේ සුල මුල අණාවරණය වුන හැටි (වීඩියෝ සහිතයි)

මත් පෙති ජාවාරමේ සුල මුල අණාවරණය වුන හැටි (වීඩියෝ සහිතයි)

November 19, 2017   01:19 pm



කොළඹ 09 දෙමටගොඩ ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය ලියාපදිංචි බෙහෙත් අලෙවි සැලක වේදනා නාශක පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව මත් වීමට ඇබ්බැහිවූවන්ට ලබා දෙන ජාවාරමක් වැටලීමට අද දෙරණ උකුස්සා සමත් වී තිබේ.

ඒ අනුව උකුස්සාට ලද තොරතුරක් අනුව නාවික හමුදු බුද්ධි ඒකකයේ නිලධාරීන් හා ඖෂධ නියාමන අධිකාරීයේ නිලධාරීන් සමඟ එක්ව මෙම වැටලීම සිදු කෙරිණි.

එහි  පළමු පියවර ලෙස උපාය දූතයෙකු මඟින් අදාළ ඹෟෂධ අළෙවි සැලෙන් වෙිදනා නාශක පෙති මිලදී ගනු ලැබිණි.

මෙහිදී රැපියල් 480 ක් වන මෙම වේදනා නාශක පෙති අඩංගු වන පෙට්ටියක් රුපියල් 6000 ක් වැනි ඉතා අධික මුදලකටයි.

අනතුරුව ආහාර හා ඹෟෂධ පරීක්ෂකවරුන් පැමිණ මෙම ඹෟෂධසැල පරික්ෂා කරණු ලැබුවා. 

එහිදී මෙමෙ වෙළෙඳ සැලෙහි සේවය කරන තරුණියකගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වුනේ මෙහි හිමිකරු විසින් රහසිගතව මෙම වේදනා නාශක පෙති අලෙවිය සිදු කරන බවයි.

වෙළෙඳ සැලෙහි සඟවා තිබූ තවත් ඹෟෂධ තොගයක්ද නිලධාරීන් සොයා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම හිමිකරුගෙන් කළ ප්‍රශන කිරීම් වලදී අණාවරණය වුනේ මත් ලෝලීන්ට මෙම වේදනා නාශක පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව අලෙවි කරන බවයි.

ඉදිරියටත් මෙවැනි මත් පෙති අලෙවි කරන පුද්ගලයින් පිළිබඳ උකුස්සා අවධියෙන්