අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආණ්ඩුවට එරෙහිව පොල් ගහයි

අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආණ්ඩුවට එරෙහිව පොල් ගහයි

November 15, 2017   01:46 pm



අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ආණ්ඩුවට එරෙහිව ඊයේ (14) වවුනියාව කන්දසාමි කෝවිලේදි පොල් ගැසීම හා විරෝධතාවයක නිරතවීම සිදුකර තිබේ.

අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් 264 වන දිනටත් උපවාසයක් පැවැත්වුවද,රජය අතුරුදහන්වූවන්ගේ ගැටළුවට නිසි පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් තමන් ආණ්ඩුවට එරෙහිව පොල් ගැසීම සිදුකළ බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.

අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට තමන් ජනාධිපතිවරයා,අගමැතිවරයා හා විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීම් කරනු ලැබුවද වගකිව යුතු කිසිවෙකු තම ගැට`ථවට නිසි විසදුමක් මෙතෙක් ලබානොදුන් බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසීය.

රජය අවස්ථා ගණනාවකදි අතුරුදහන්වූවන්ගේ ගැටළුවට නිසි පිළිතුරක් ලබාදෙන බවට පැවසුවද අදාළ පොරොන්දු මෙතෙක් ඉටුනොවීම කණගාටුවට කරුණක් වන බැව්ද අදාළ පිරිස පැවසීය.

තම ගැටළුව කෙරෙහි රජය කඩිනමින් අවධානය යොමුකොට විසදුමක් ලබාදිය යුතු බැව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.

පොල් ගැසීම වෙනුවෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් එක්ව සිටියහ.