ගෙදරට හොරෙන් මුහුදේ නාන්න ගිය ළමයින් දෙදෙනාගෙන් අයෙකු අතුරුදන්

ගෙදරට හොරෙන් මුහුදේ නාන්න ගිය ළමයින් දෙදෙනාගෙන් අයෙකු අතුරුදන්

November 15, 2017   01:23 pm



වෙන්නප්පුව - සින්දාත්‍රිය ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අතරින් එක් සිසුවෙකු මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

ඊයේ (14)  සවස මෙම අනතුර සිදුවී ඇත.

දියේ ගිලී අතුරුදහන්වී ඇත්තේ දංකොටුව - හාල්දඩුවන උළු මෝලක පදිංචිව සිටි රුවන් දුමින්ද (අවු:10) නම්වූ පාසල් සිසුවෙකි.

මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති සිසුවා සමඟ දිය නෑමට ගිය බව කියන ඉසුරු උමයංග (අවු:11) නම්වූ දරුවා ජීවිතය බේරා ගෙන ඇත.

දෙමව්පියන්ට හොරෙන් පා පැදියක නැගී දරුවන් දෙදෙනා මුහුදේ දිය නෑමට ගොස් ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති සිසුවා සොයා ප්‍රදේශයේ ධීවරයින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.