පරසන්ගස්වැව නැවතුන රජරට රැජින අද හවස කොළඹ එයි

පරසන්ගස්වැව නැවතුන රජරට රැජින අද හවස කොළඹ එයි

November 15, 2017   01:19 pm



උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද(15) පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා පවසයි.

ඊයේ රාත්‍රී 08.45ට පමණ රජරට රැජින දුම්රිය පරසන්ගස්වැව සහ මැදවච්චිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමකට ලක්වුණි.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අද දෙරණට අදහස් දැක්වූ දුම්රිය ගමනාගමන අධිකාරී ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා කියා සිටියේ අදාළ දුම්රිය ධාවන කටයුතු අද පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.