යාපනයේ කඩු කල්ලි ස්ථාන 3කදී පුද්ගලයින් 7ක් කපති
November 15, 2017 01:19 pm
යාපනය ප්‍රදේශ කිහිපයක දී සිදුවූ පහරදීම්වලින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.
යාපනය, කෝපායි, කොණ්ඩාවිල සහ මානිප්පායි යන ප්‍රදේශවල මෙම පහර දීම් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
කෝපායි ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රී 07.00 ට පමණ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ කඩුවලින් හා මුගුරුවලින් පහර දී පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබේ.
මුහුණු ආවරණය කරගත් 10 දෙනෙකු මෙම පහර දීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර ඊයේ රාත්‍රී 08.30 ට පමණ කොණ්ඩාවිල් ඩිපෝව අසළ ආපනශාලාවකට ඇතුළු වූ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද එවැනිම පහර දීමක් සිදුකර තිබේ.
එම පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා යාපනය රෝහහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ අතර මානිප්පායි ප්‍රදේශයේදී ද ඊයේ රාත්‍රී 07.25 ට පමණ පහර දීමක් සිදුව ඇති අතර එහිදී පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
සිද්ධියට අදාළව සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, මෙම පහරදීම් එකිනෙකට සම්බන්ධදැයි පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.