මංගලට උක් ගොවීන් මතක් කරන්න සෙවණගල උද්ඝෝෂණයක්

මංගලට උක් ගොවීන් මතක් කරන්න සෙවණගල උද්ඝෝෂණයක්

November 15, 2017   12:39 pm


හිඟුරාන, පැල්වත්ත සහ සෙවණගල  ප්‍රදේශයන්හී උක් ගොවීන් සෙවණගල, දණ්ඩුම මං සන්ධියේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමින් ඔවුන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම විරෝධතාව පවත්වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

තම ශ්‍රමය වංචනිකව සූරා කෑමට ලක්ව ඇති බව විරෝධතාවයේ නිරත උක් ගොවීන් අද දෙරණට සඳහන් කළේය.

මෙම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ද පැමිණ සිටි අතර ඔහු කියා සිටියේ මෙවර අයවැයෙන් පවා උක් ගොවීන් අමතක කර ඇති බවයි.