කාර් එකක් පසුකර ගිය ව්‍යාපාරිකයාට එලවගෙන ගිහින් වෙඩි තියලා

කාර් එකක් පසුකර ගිය ව්‍යාපාරිකයාට එලවගෙන ගිහින් වෙඩි තියලා

November 15, 2017   12:22 pm

සීදුව පොලිස් බල ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකුගේ ජීජ් රථයකට වෙඩි තැබීමක් සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ රාත්‍රී 11.50  ට පමණ මෙය සිදුව ඇති බව සඳහන් වෙයි.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා කල්පිටිය ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙන විට තවත් මෝටර් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී ඇති වු සිදුවීමක් මෙයට මුල් වන්නට ඇත්දැයි මේ වන විට සැක මතුවී තිබේ.

දිගින් දිගටම තම ජිප් රථයට ඉස්සර කිරීමට නොදී ලුහුබැඳ පැමිණ ඇති අදාළ සැක කටයුතු මෝටර් රථය සිය නිවසට හැරීමට ඇති ඊරියගහළිඳ නම් පාර පසු කරනවාත් සමඟ මෝටර් රථයෙන් පැමිණි පිරිස වෙඩි තබා තිබේ.

එහිදී ජිප් රථයේ ටයර්වලට වෙඩි උණ්ඩයක් වැඳී ඇති අතර තවත් උණ්ඩ 5ක් ජිප් රථයට එල්ල වී ඇත.

මෙම සිදුවීම අසළ පිහිටි සීසී ටීවි දර්ශනවල පටිගත වී ඇති අතර එය පොලීසිය වැඩිදුර විමර්ශනය සඳහා රැගෙන ගොස් ඇති බව ද අද දෙරණ වාර්තාකරු පවසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සීදුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.