බැංකුවක් කොල්ලකන්න මාස 4ක් තිස්සේ  අඩි 25 ක් දිග උමඟක් හදලා
සයුරෙන් එතෙර

බැංකුවක් කොල්ලකන්න මාස 4ක් තිස්සේ අඩි 25 ක් දිග උමඟක් හදලා

November 15, 2017   12:14 pm



බැංකුවක් කොල්ලකෑමට කොල්ලකරුවන් පිරිසක් විසින් අඩි 25 ක් දිග උමඟක් සකස් කිරීමේ පුවතක්  වාර්තා වෙයි.

මුම්බායි නුවර රජයේ බැංකුවක කොල්ලකෑමට කොල්ලකරුවන් පිරිස මෙම උමඟ සකස් කර ඇති අතර ඒ සඳහා මාස 04 ක පමණ කාලයක් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔවුන් විසින් බැංකුව අසළ පිහිටි ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබා ගනිමින් මෙම උමඟ සකස් කිරීමේ කටයුතුවල නිරත වී ඇති බව සඳහන්ය.

කොල්ලකරුවන් විසින් උමං මාර්ගය යොදා ගනිමින් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බැංකුවේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කා ඇති අතර එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඉන්දීය පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.