ලේලියට අතවර කරද්දී පුතාගේ අතටම හසු වූ පියා දේවාලේ එල්ලෙයි

ලේලියට අතවර කරද්දී පුතාගේ අතටම හසු වූ පියා දේවාලේ එල්ලෙයි

November 15, 2017   12:03 pm

ලේලියට අතවර කරමින් සිටියදී  පුතාගේ අතටම හසුවීමෙන් පසු පියා ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති පුවතක් ගම්පොලින් වාර්තා වේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය දෙදරු පියකි.

තම නිවස ආසන්නයේ මොහු දේවාලය පවත්වා ගෙන ගොස් ඇති අතර මොහු ගෙල වැලලාගෙන ඇත්තේ ද එම දේවාලය තුළය.

ඔහුගේ පුතුන් දෙදෙනාම විවාහ වී ඔහු සමඟ ඔහුගේ නිවසේම පදිංචිව සිට ඇත

පසුගිය දින වැඩිමහල් පුතාගේ 22 හැවිරිදි බිරිය දේවාලය ඇතුළත අස්පස් කිරීමට ගිය අවස්ථාවේ දී මෙම මාමණ්ඩිය ඇය දේවාලය තුළට ගෙන බිම පෙරළාගෙන අතවර කිරීමට සුදානම් වී ඇත. එම අවස්ථාවේ දී ඇය කෑ ගසා ඇත.

නිවසේ වැඩක යෙදී සිටි ඇගේ සැමියා  බිරිඳගේ කෑ ගැසීම ඇසී  දේවාලයට ගොස් ඇත. එවිට සිය පියා තම බිරිඳගේ සිරුර මත සිටින දුටු ඔහු පියාට පහර දී බිරියටද පහරක් දී ඇත.

පසුව මෙම යුවල නිවස හැරයාමට සූදානම් වන විට  "උඹලා යන්න එපා මම යන්නම්" යැයි කී පියා දේවාලය තුළ එල්ලී  දිවි නසාගෙන ඇත.

මරණ පරීක්ෂණයේ දී සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ගම්පොළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙය ගෙළ වැළලා ගෙන සිදු කරගත් මරණයක් බවට තීරණය කර ඇත.