පරිපාලන ගැටළු නිසා විදුහල්පතිනියට අනුලා නැති වෙයි

පරිපාලන ගැටළු නිසා විදුහල්පතිනියට අනුලා නැති වෙයි

November 15, 2017   12:00 pm



නුගේගොඩ - අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරිය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබේ.

ඒ, එම විද්‍යාලය සම්බන්ධයෙන් පැවති මූලික විමර්ශනයේ නිර්දේශයන්ට අනුකූලව බව සඳහන්ය.

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතියට ද යටත් ව වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අනුයුක්ත කිරීම සිදු කර තිබේ.

පරිපාලන ගැටළු, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මුල් කරගනිමින් අදාළ මූලික විමර්ශනය පවත්වා තිබේ.