අරණායක එක් දරු පියෙක් ගෙල වැලලාගෙන මිය යයි
November 15, 2017 11:57 am
එක් දරු පියෙකු ගෙල වැලලාගෙන මිය යෑමේ සිද්ධියක් අද ( 15) අරණායක පොලිස් බල ප්රදේශයේ හබලක්කාව ග්රාම සේවා වසමේ අත්තනදෙනිය ප්රදේශයෙන් වාර්තා වු බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු වන මිය ගිය තැනැත්තා තම නිවසේ මුළුතැන් ගෙයි බාල්ලයක් මත ලණුවක් ආධාරයෙන් සිය දිවි හානි කර ගෙන තිබේ.
ඔහු හගුරන්කෙත ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර විවාහ වි බිරිඳගේ නිවසේ ජිවත් වු බව පොලිසිය පැවසීය.
බිරිඳ රැකියාවක් සිදු නොකරන අතර මෙම මිය ගිය පුද්ගලයා පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වි ඇති බව දැනට සොයා ගෙන තිබේ.
පශ්චාත් මරණ පරික්ෂණය අද සවස සිදු කිරිමට නියමිත අතර අරණායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.