පොලීසියේ සද්දෙට බිය වී උද්ඝෝෂකයෝ ගෙදර යති

පොලීසියේ සද්දෙට බිය වී උද්ඝෝෂකයෝ ගෙදර යති

November 15, 2017   11:44 am



අනුරාධපුර පුත්තලම මාර්ගයේ පොතානගම  ප්‍රදේශයේ පාසල් මාවත නම් මාර්ගය දැඩි ලෙස අබලන්වී ඇති බවත් එය පිළිසකර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

මාර්ගය අවහිර වන බව පවසමින් උද්ඝෝෂණයේ නිරත පිරිසට පොලිසිය විසින් බැන වැදී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

පසුව උද්ඝෝෂණයේ නිරත පිරිස විසිර ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය පැවසීය.