රු.මිලියන 125ක් අල්ලසක් ගත් රේගු අධිකාරීන්ට අධි චෝදනා බාර දෙයි
November 15, 2017 11:33 am
රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා එල්ල වී ඇති හිටපු රේගු අධිකාරීවරුන් සිව්දෙනාට කොළඹ මහාධිකරණයේදී අද(15) අධි චෝදනා පත්‍ර බාර දී තිබේ.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ එම අධි චෝදනා පත්‍ර මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ අද බාරදෙනු ලැබූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 02 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ.
අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීමද විත්තිකරුවන්ට තහනම් කළ විනිසුරුවරයා නඩුව යළි ජනවාරි මස 17 වනදා කැඳවීමටයි නියම කළේය.
2015 වසරේ ජුනි මස 26 වනදා මෙරටට ආනයනය කළ රුපියල් මිලියන 1500 ක් වටිනා මෝටර් රථ අමතර කොටස් බදු සහන සහිතව මුදා හැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගැනීමේදී මෙම රේගු අධිකාරීවරුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.