අවාරේ ශ්‍රීපාදේ යන්න ගිය ස්පාඤ්ඥ ගිනි නිවන බටයාට ලංකාවේදී ගිනි පත්තු වෙයි

අවාරේ ශ්‍රීපාදේ යන්න ගිය ස්පාඤ්ඥ ගිනි නිවන බටයාට ලංකාවේදී ගිනි පත්තු වෙයි

November 15, 2017   11:27 am

උඩරට මැණිකේ දුම්රියෙන් ඊයේ (14) දිනයේ පස්වරු 2.00ට කොළඹ කොටුවේ සිට හැටන් දුමිරිය ස්ථානය දක්වා අවාරේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණී ස්පාඤ්ඥය ජාතිකයෙකුගේ ගමන් මල්ල කිසියම් පුද්ගලයෙකු විසින් දුම්රිය තුලදී සොරා ගෙන ඇති බවට එම ස්පාඤ්ඥ ජාතිකයා විසින් හැටන් පොලිසියට පැමිණීල්ලක් කර තිබේ.

ෆ්රැන්සිස්කෝ  ලෝෆෙස්  64  හැවරදි මොහු ස්පාඤ්ඥයේ රජයේ විශ‍්‍රාමික ගිනි නිවන භටයෙකු වන අතර මීට දින දෙකකට ප‍්‍රථම ලංකාවට පැමිණ ඇත්තේ දින හයක සංචාරයක් සඳහායි. 

උඩරට මැණිකේ දුම්රියේ දෙවන පංතියේ කොළඹ කොටුවෙන් ගමන් ආරමිභ කළ මෙම ස්පාඤඥ ජාතිකයා ඊයේ (14) පස්වරු 2.00 ට හැටන් දුමිරිය ස්ථානයට ලඟාවෙන අවස්ථාවේ දුමිරිය මැදිරියේ රාක්කයක් මත තබා තිබූ ඔහුගේ ගමන් මල්ල නැතිවි තිබේ.

ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය සහ ඔහු සතු දේශීය හා විදේශිය මුදල් ඔහු සන්තකයේ තිබී ඇත.

හැටන් පොලිසියට පැමිණීල්ලක් කිරිමෙන් පසු හැටන් ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන චමත් කාවින්ද මහතාගේ සහයෝගය මත හැටන් නගරයෙන් ගමන් මල්ලක් මිළදි ගෙන ඔහුගේ සංචාරය සඳහා අවශ්‍ය නිමි ඇදුමි කිහිපයක්ද හැටන් නගරයේ නිමි ඇදුලමි අලෙවි සැලකින් මිළදි ගෙන ඔහුගේ සංචාරය සඳහා පිටත්වගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ නරක මිනිස්සු කිහිපදෙනෙකු අතර හොඳ මාධ්‍යවේදීන්ද සිටින බව පවසමින් චමත් කාවින්ද මහතාගෙන් සමුගෙන ඔහු හැටන් බස්නැවතුමිපොළෙන් නල්ලතන්නිය
දක්වා පිටව ගොස් තිබේ.

සිද්ධිය පිළිබඳව හැටන් පොලිසිය පරික්‍ෂණ පවත්වයි.