හෙට තරගෙත් ලංකාවට අමාරු බව මුරලි කියයි

හෙට තරගෙත් ලංකාවට අමාරු බව මුරලි කියයි

November 15, 2017   10:34 am




ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව අවම බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය හෙට(16) කොල්කටාහීදී ආරම්භ වීමට නියමිතය.

ඉන්දීයාව සමඟ ආරම්භ වීමට නියමිත තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතාම සීමිත අවස්ථාවක් බව මුත්තයියා මුරලිදරන් ක්‍රික්බස් වෙබ් අඩවිය ඔස්සේ සඳහන් කර තිබේ.

සියලුම ජාත්‍යන්තර කණ්ඩායම් ඉන්දියාව පරාජයට පත් කිරීමට දැඩි උත්සහයන් දරා ඇති බවත්, ගතවූ වසර 13 ක කාලය තුළ ඉන්දියාව තුළ දී සංචාරක ක්‍රිකට් කණ්ඩායමක් ජයග්‍රහණය කර ඇත්තේ ටෙස්ට් තරග දෙකක් පමණක් බවත් එහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලීමට ඉන්දියාවට එරෙහි තරගාවලිය තුළින් හැකිවනු ඇති බවද මුත්තයියා මුරලිදරන් මෙහිදී වැඩිදුරටත් පෙන්නවාදී තිබේ.

2010 වසරේදී ක්‍රිකට් දිවියෙන් සමුගත් මුත්තයියා මුරලිදරන් 1994 සහ 2009 අතර කාලසීමාව තුළදී ඉන්දියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරග 4 කට ක්‍රීඩා කර තිබෙන අතර ඉන් එකක් හෝ ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබී නැත.