Back to Top

පල්ලිය ළඟදී ගංජත් එක්ක මාට්ටු වෙලා

පල්ලිය ළඟදී ගංජත් එක්ක මාට්ටු වෙලා

November 15, 2017  10:16 am

Bookmark and Share
Ad



වව්නියාව මුස්ලිම් පල්ලිය අසළදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන්  කළේය.

එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 15ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද (15) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.