සිරිමෙවන් කරූ හම්බවෙයි

සිරිමෙවන් කරූ හම්බවෙයි

November 15, 2017   09:01 am



නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර හමුවක් සිදුව තිබේ.

නාවික හමුදාපති ධූරයේ වැඩ බාරගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා කථානායකවරයා හමුවූ පළමු අවස්ථාව මෙයයි.

මේ අතර රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවක් සිව් දින සුහඳ සංචාරයක් සඳහා ඊයේ(14) කොළඹ වරායට පැමිණියේය.

අදාළ නෞකාවේ පැමිණි නාවික හමුදා නියෝජිතයින් මෙරට රැදී සිටින කාලය තුළ ස්ථාන කිහිපයක සංවිධානය කර ඇති වැඩසටහන් සඳහා සහභාගී වෙයි.