ගුවන් විදුලි සේවයට හමුදාව බලෙන් ඇතුළුවෙයි-ගුවන් විදුලි සේවයේ බලය හමුදාව අතට
සයුරෙන් එතෙර

ගුවන් විදුලි සේවයට හමුදාව බලෙන් ඇතුළුවෙයි-ගුවන් විදුලි සේවයේ බලය හමුදාව අතට

November 15, 2017   08:31 am



සිම්බාබ්වේ ජාතික ගුවන් විදුලි මධ්‍යස්ථානය එරට හමුදාව බාරයට ගෙන ඇති අතර හමුදාව බලෙන් ඇතුළුවී එහි බලය අත්පත් කරගෙන ඇති බව සඳහන්ය.

විදෙස් වාර්තා සඳහන් කළේ හරාරේ අගනුවර වෙඩි හුවමාරුවීම් ද සිදු වන බවයි.

ජනාධිපති රොබට් මුගාබේ විසින් එරට හමුදා ප්‍රධානීයා ඉවත් කිරීමට තීරණය කිරීමෙන් පසු එරට හමුදාවේ කොටසක් රජයට එරෙහිව පෙළගැසී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මුගාබේ මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නැත.

මේ අතර හරාරේ නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වසා දැමීමට පියවර ගෙන තිබේ.

සිම්බාබ්වේ  උප ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ එරට තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය මීට හේතු වී ඇති බව  විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එරට උප ජනාධිපතිවරයා පසුගිය දා ධූරයෙන් ඉවත් කළේය.

එම තනතුරට මුගාබේගේ බිරිඳ වන ගේ‍්‍රස් මුගාබේ පත් කිරීමට සූදානම් වන බවට වාර්තා පළ වූ අතර එම තත්ත්වයත් සමඟ රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය වී ඇති බව විදෙස් වාර්තා තවදුරටත් පවසයි.