මැතිව්ස් ගැන බලාපොරොත්තු රැසක් සමඟින් සිංහයින් හෙට තරග බිමේ

මැතිව්ස් ගැන බලාපොරොත්තු රැසක් සමඟින් සිංහයින් හෙට තරග බිමේ

November 15, 2017   08:13 am

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය කොල්කටා ඊඩින් ගාඩ්න්ස් ක්‍රිඩාංගණයේදී හෙට(16) ආරම්භ වෙයි.

තරඟාවලි කිහිපයක පරාජයෙන් පසු බලාපොරොත්තු සහගතව ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කෙරෙහි ඉන්දිය මාධ්‍ය වැඩි අවධානය යොමු කර තිබේ.

මීට මාස 04කට පමණ පෙර මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ඔහු තරඟාවලි කිහිපයකට සහභාගී වූයේ නැහැ.

වසර කිහිපයක් ශ්‍රේණිගත කිරිම්වල මුල් ස්ථානවල රැදී සිටි මැතිව්ස් ගතවූ දෙවසර තුළ ටෙස්ට් ශතකයක් වාර්තා කිරිමට සමත් වී නැහැ.

කෙසේ වුවද මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් සහිත ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස මැතිව්ස් දක්ෂතා අතර ට පැමිණියහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගත තත්ත්වයක් වනු ඇති බව ඉන්දිය මාධ්‍ය පවසයි.