සයුරෙන් එතෙර
සමරිසියන් සමඟ එක්වීම නීතිගත කිරීමට ඔස්ට්‍රේලියාවත් සැරසෙයි
November 15, 2017 08:05 am
සමරිසි විවාහ නිත්‍යානූකූල කිරිම සඳහා මේ වසර අවසානයේදී නීති සම්මත කර ගන්නා බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසයි.
ඒ සම්බන්ධයෙන් පැවැති මත විමසීමේදී සමරිසි විවාහ අවශ්‍ය බවට සියයට 61.6ක ප්‍රතිශතයක් කැමැත්ත පල කර තිබේ.
ඒ අනුව සමරිසි විවාහ නීත්‍යානූකුල කරන ලොව 26 වන රට ලෙස ඔස්ට්‍රේලියාව පවත්වනු ඇති.
සමරිසි විවාහ නීත්‍යානූකුල කළ යුතු බවට ඉල්ලා සිටි ඔස්ට්රේලියානූවන් දහස් ගණනක් විවාහ මංගල ඇඳුමින් සැරසී ප්රිති ඝෝෂා දක්වමින් සිටි බව විදෙස් වාර්තා පවසයි.