ඉන්දුනීසා තානාපති හා ආරක්ෂක රාජ්‍ය ඇමති අතර විශේෂ හමුවක්
November 15, 2017 05:44 am
ශ්‍රි ලංකාවේ ඉන්දුනිසියානු තනාපති ඉගුස්ටි ගුරා අර්දියාසා මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදි ඊයේ (14) දින පස්වරුවේ සිදුවී තිබේ.
එහිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදි ඉන්දුනිසියානු ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ශ්‍රි ලංකාවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ අධ්‍යන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගිතාවය වර්ධනය කර ගැනිමට මෙන්ම ඉන්දුනිසියානු ආරක්ෂක අණ හා මාණ්ඩලික විද්‍යාලය සහ බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල අතර සහයෝගිතාව ඇතිකර ගැනිමට අදාලව මුලික එකඟතාවක් ඇති කරගෙන තිබේ.
මිට අමතරව ඉන්දුනිසියානු රජය සහ ශ්‍රි ලංකා රජය අතර පවතින ආරක්ෂක සහ ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනිමට අදාලව කරුණු සාකච්ඡා කර ඇති අතර සාකච්ඡාව අවසානයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙරට ඉන්දුනිසියානු තනාපතිවරයා වෙත සමරු සිහිවටනයක් ප්‍රධානය කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ඉන්දුනිසියානු ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් සහභාගිවී ඇත.