මංගලට පිරිසිදු අත් දෙකක් තියේලු-ඒ හින්දා නවීන්ට සතුටුයිලු

මංගලට පිරිසිදු අත් දෙකක් තියේලු-ඒ හින්දා නවීන්ට සතුටුයිලු

November 14, 2017   10:59 pm



විශාල ණය බරක් රට තුළ තිබියදීත් රජය සුබසාධනය කප්පාදු කර නොමැති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට නම් නිසි මූල්‍ය පාලනයක් තිබිය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

විසර්ජන පනත් කෙටුම්පත 2018 (සිව්වැනි වෙන් කළ දිනය) අද(14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

එහිදී අදහස් දැක් වූ ඒ මහතා,

“ මුදල් අමාත්‍යධූරය දරන අයට පවිත්‍ර දෑත් තිබිය යුතුයි. එවැනි පුද්ගලයෙක් තරනතුර දැරීම සතුටට කරුණක්. මේ අයවැය හරහා දේපාලන දැක්මක් ඉදිරිපත්  තිබෙනවා. පුද්ගලික අංශය මතයි ආර්ථිකය වර්ධනය වන්නේ.මේ වෙනස 1977 ඇති වූ වෙනසයි. ඒ නිසයි රටේ ආර්ථික කොඳු නාරටිය තිබෙන්නේ.1994 සිට 2014 වනතුරු ආර්ථිකය ලිහිල් කර තිබුණේ නෑ.මෙවර අයවැයෙන් ආර්ථිකය ලිහිල් කරන ප්‍රතිපත්තිය හදුන්වාදී තිබෙනවා. එම දිශාවට මේ අයවැය දිශාගත කර තිබෙනවා.

ව්‍යවසාය සංස්කෘතියක් මේ රටේ නෑ.ව්‍යාපාර පාසල් අපේ රටේ නෑ.අපේ සංකල්ප ඉදිරියට ගෙන යන්න බලපොරොත්තු වෙනවා. විශාල ණය බරක් තියාගෙන අප සුබසාධනය කප්පදු කර නෑ. බිලිය තාක්ෂණ විද්‍යාල වෙනුවෙන් වෙන් කර තිබෙනවා.රජයක් ලෙස ණය ගෙවිය යුතුයි.රටේ විශාල රජ්‍ය සේවයක් තිබෙනවා.ඉන් නිසි ඵලදායිතාව ලබාගන්නවාද කියා ඇසිය යුතුයි. විශාල වශයෙන් විශ්‍රාම වැටුප් ගෙවන රටක්. අපි අලුත් විදියට සිතිය යුතුයි. මේ රටේ ණය කළමනාකරණයට කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි. මුදල් අමාත්‍යාංශය කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. පොදුජනතාවට සහනදායිතාවයක් ඇති කිරීමට රටේ හොඳ මුදල් පාලනයක් තිබිය යුතුයි“  යැයි ද අමාත්‍යවරයා පැවසී ය.