ඇබර්ඩින් ඇල්ලේ දී අතුරුදන්වු තරුණයාගේ මළ සිරුර හමුවේ

ඇබර්ඩින් ඇල්ලේ දී අතුරුදන්වු තරුණයාගේ මළ සිරුර හමුවේ

November 14, 2017   10:31 pm

ගිනිගත්හේන ඇබර්ඩින් දියඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර ඇබර්ඩින් දියඇල්ල පාමුල තිබි අද (14)පස්වරුවේ  සොයාගෙන තිබෙනවා.

මෙසේ සොයා ගනු ලැබුවේ නුවර දන්තුරේ ප්‍රදේශයේ පදිංචි පි.වයි. හිරුදික(18)නැමැති තරුණයාගේ සිරුරයි.

මෙම තරුණයා ඔහුගේ මිතුරන් පිරිසක් සමග ඇබර්ඩින් දියඇල්ල නැරඹීමට පැමිණ දිය නාමින් සිටියදි ඇබර්ඩින් දියඇල්ල පාමුල ජලයේ ගිලි අතුරුදහන්වි තිබුණා.
ගිනිගත්හේන පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව අද (14)පස්වරුවේ එමඇල්ල පාමුල සිදු කළ මෙහෙයුමකින් පසු එම ඇල්ල පාමුල තිබී සිරුර ගොඩ ගනු ලැබුවා.

ගොඩ ගත් සිරුර හැටන් මහේස්ත්‍රාත්වරයාගේ මහේස්ත්‍රාත් පරික‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මුලික රෝහල වෙත යොමුකරන බව ගිනිගත් හේන පොලිසිය පැවසුවා.