අත ඇරලා දාලා ගියපු අය ගොඩක් නීත්‍යානුකූලව අයින් වෙන්න ආවා

අත ඇරලා දාලා ගියපු අය ගොඩක් නීත්‍යානුකූලව අයින් වෙන්න ආවා

November 14, 2017   08:34 pm




යුද හමුදා සේවය හැර ගිය සෙබළුන් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම පොදු සමා කාලය ලබන 22 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

පොදු සමා කාලය තුළදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා වාර්තා කළ සංඛ්‍යාවේ ප්‍රවණතාවක් පැවතීම සහ එම කාලය දීර්ඝ කරන ලෙස සිදුකළ ඉල්ලීම මත මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඊයේ දිනය වන විට සේවයෙන් ඉවත් වීම සඳහා අදාළ මූලස්ථාන වෙත වාර්තා කළ යුද හමුදා සෙබළුන් සංඛ්‍යාව 8052ක් වෙයි.

පසුගිය මස 23 වන දින මෙම පොදු සමා කාලය ආරම්භ වූ අතර එය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.