වික්‍රමාන්විත සංචාරක සේවා නඟාසිටුවන්න අලුත් රෙගුලාසි ටිකක් එයි

වික්‍රමාන්විත සංචාරක සේවා නඟාසිටුවන්න අලුත් රෙගුලාසි ටිකක් එයි

November 14, 2017   07:54 pm



වික්‍රමාන්විත සංචාරක සේවා නඟාසිටුවීම සඳහා නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට  ක‍ටයුතු යොදා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
 
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මඟින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව එම කාර්යාලය සඳහන් කළේය.
 
ක්‍රීඩා අංගයන් සඳහා ධාරිතා සීමාවන් හඳුන්වාදීම, ආරක්ෂක අවශ්‍යතා හඳුන්වාදීම, වික්‍රමාන්විත සංචාරක සේවා සපයන්නෙකු ලෙස ලියාපදිංචි වීමේ අවස්ථාව අවම සුදුසුකම් ආදී ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ ප්‍රමිතිය වැඩිදියුණු වන ලෙස නව රෙගුලාසි හඳුන්වා දීමට නියමිතය.
 
ඒ අනුව පසුගියදා සියලුම වික්‍රමාන්විත සංචාරක සේවා ක්‍රියාකාරකම් සඳහා ජාත්‍යන්තර සම්මත සීමා මායිම් සහිත රෙගුලාසි පත් කිරීමට එක් එක් ක්ෂේත්‍ර සඳහා උපදේශක කමිටු 10 ක් පත්කර තිබුණි.
 
භූමිය, ජලය සහ ගුවන ආශ්‍රිත වික‍්‍රමාන්විත ක‍්‍රීඩා ක්‍රියාකාරකම් ක්ෂේත්‍ර 10කට බෙදා එක් එක් ක්ෂේත‍්‍රය සඳහා ප‍්‍රවීණත්වය දක්වන පුද්ගලයන්ගෙන් සැදුණු උපදේශන කමිටු 10ක් මඟින් මෙම රෙගුලාසි හඳුන්වා දීම සිදුකරයි. 

ඒ අනුව මෙම උපදේශක කමිටුවල නිර්දේශ ඇතුළත් වික‍්‍රමාන්විත සංචාරක සේවා සඳහා මාර්ගෝපදේශ ලබන මාර්තු මාසයේ දී ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.