ප්‍රශ්න පත්‍රයක් නිසා විභාග කොමසාරිස්ට තැන නැති වෙයි

ප්‍රශ්න පත්‍රයක් නිසා විභාග කොමසාරිස්ට තැන නැති වෙයි

November 14, 2017   06:45 pm




විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ විමර්ශනයක් සිදු කරන අතර එම විමර්ශන කණ්ඩායමේ නිර්දේශ මත අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදු වූ විභාග පැවැත්වීම්, උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, ප්‍රශ්න පත්‍ර, සම්පාදක මණ්ඩලය නම් කිරීම, විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සහ මූල්‍ය භාවිතය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් පැවැත්වෙයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි එම විමර්ශන ක්‍රියාත්මකය.