ලංකාවේ දේශසීමා රකින්න සාගල ගෙන් අලුත් නීති
November 14, 2017 06:26 pm
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සංක්‍රමණික ඡාවාරම මැඬලීමට සහ දේශසීමා ආරක්ෂණය සඳහා නීති සැකසීම සිදුකරන අතරම විශේෂ යාන්ත්‍රණයක් සකස් කරමින් පවතින බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
කොළඹ, කිස්න්බරි හෝටලයේදී අද(14) පැවති සංක්‍රමණික ඡාවාරම මැඬලීම පිළිබඳ වැඩමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සංක්‍රමණික ජාවාරම මැඬලීමට සහ දේශසීමා ආරක්ෂණය සඳහා නීති සැකසීම සිදුකරන අතරම විශේෂ යාන්ත්‍රණයක්ද සකසා ගෙන යනවා. මේ සඳහා ශක්තිමත් නීති අවශ්‍ය වන අතර එසේ ශක්තිමත් නීති නොවන්නේ නම් සංක්‍රමණික ජාවාරම මැඬලීමටද අපහසු වනු ඇත.ඒ නිසා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම් ආදී වැටලීම් දිගටම ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ඇත. එහිදී දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය තැන්වලදී නව නීති හඳුන්වාදීමටත් අප රජය කටයුතු කරනවා.
ඕස්ට්‍රේලියාවේ උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය දැනට ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජාවාරම පිළිබඳ පර්යේෂණ සිදුකර ඇති අතර ඒ යටතේ කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.ඒ යටතේ බටහිර සහ වයඹ වෙරළ තීරයේත් දකුණු වෙරළ තීරයේත් මෙම ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා.
ඒ අනුව එම ජාවාරම්කරුවන් සහ ඔවුන් වටා ක්‍රියාත්මක වන තවත් දූෂිත ක්‍රියා රැසක්ද අනාවරණය වී තිබෙනවා. උදාහරණ ලෙස විදෙස් ගමන් බලපත්රව හොරෙන් සැකසීම, අදාළ අංශවල නිලධාරීන්ට අල්ලස් ලබාදීම ආදිය හඳුන්වන්න පුළුවන්. මේ සියල්ල වැලක්වීමට පුළුල් ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා.
එසේම ඔස්ට්‍රේලියාව සමඟ මෑතකදී මේ පිලිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබූ අතර ඒ අනුව එම රජය සමඟ මේ සම්බන්ධව මනා අවබෝධතාවයෙන් යුක්තව කටයුතු කිරීමට අප රජය ක්‍රියා කරනවා. එමගින් සංක්‍රමණික ජාවාරම් කරුවන්ට හසුවූවන් නැවත මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන අතර ජාවාරම්කරුවන්ගේ යාන්ත්‍රනය බිඳදැමීමට අවශ්‍ය තොරතුරු දෙරට අතර හුවමාරු කරගැනීමටද හැකියාව ලැබෙනවා.
මෙම සංක්‍රමණික ජාවාරම තනි තනිව සිදුවන අපරාධයකට වඩා අන්තර්ජාතික වශයෙන් සිදුවන සංවිධානාත්මක අපරාධයක් බවට මෙය පත්ව තිබෙනවා. එනිසා අන්තර් ජාතික පොලීසිය වැනි ආයතනවල මන සම්බන්ධතාවය අපිට වඩාත් වැදගත් වෙනවා.“