මාස 5ක කළලයක් ගබ්සා කළ කත මරුට - අධික ලෙස ලේ යද්දී අර්ෂශ් වැඩි වෙලා යැයි සැමියට කියලා
November 14, 2017 06:07 pm
මාස පහක කළලයක් ගබ්සා කළ කාන්තාවක් අධික රුධිරය වහනය හේතුවෙන් මරණයට පත් වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කොබෙයිගනේ සුබසෙතගම පදිංචි 30 හැවිරිදි දෙදරු මවකි. ඇයගේ සැමියා විශ්‍රාමික හමුදා සෙබලෙකු බවද සඳහන් වේ.
ගබ්සාව නිසා ලේ වහනය වීම හේතුවෙන් රෝහල් ගතකළ කාන්තාව නිකවැරටිය රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14) පස්වරුවේ මියගොස් ඇත.
පසුගිය අටවැනි දින කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගෙන් ගබ්සාව සඳහා ඖෂධ ලබාගත් කාන්තාව නිවසේදී කළලය බිහි කිරීමෙන් පසු වලදමා ඇත.
එහෙත් ලේ වහනය නතර නොවීම නිසා රෝහල් ගතවී ඇත. සැමියා ට පවසා ඇත්තේ අර්ශස් අමාරුව වැඩි වී ඇති බවකි.
ගබ්සාකර එළියට ගත් කළලය කොබෙයිගනේ සුබසෙතගම ප්‍රදේශයේ මෙම කාන්තාව පදිංචිව සිටි නිවස පිහිටි ගෙවත්තේ වළ දමා තිබියදී අද දින නිකවැරටිය මහේස්ත්‍රාත් කාන්චනා එන් සිල්වා මහත්මිය ඉදිරියේ ගොඩ ගැණිනි.
මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) දින පැවැත්විණි.