හැංගිලා හිටපු ඉන්දියානුවා වව්නියාවේදී කොටුවේ
November 14, 2017 11:16 am
ආගමන විගමන උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වීසා නොමැතිව මෙරට රැඳී සිටි මෙම ඉන්දීය ජාතිකයා වව්නියාව රෝහල අසළදී අද(14) උදෑසන 10ට පමණ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු අද දිනයේ වව්නියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වව්නියාව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.