පින්නවල ගෙවල් බින්ද හොරු අහුවෙයි
November 14, 2017 11:06 am
පින්නවල ප්රදේශයේ රාත්රී කාලයේ නිවෙස් බිද මුදල් හා දේපල සොරාගැනීමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24 පසුවන තරුණයින් දෙදෙනෙකු වන අතර, පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එහිදී සැකකරුවන් සතුව තිබී රුපියල් හය ලක්ෂ දස දහසක් , විදුලි ලාම්පු 3ක් හා වෑන් රථයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුවන් හපුතලේ ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(14) බලංගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.