මුස්ලිම් සිසු ගැටුම දුර දිග යයි 5ක් පොලිසියට ගෙනෙයි- මාධ්‍යය ආවරණයටත් බාධා

මුස්ලිම් සිසු ගැටුම දුර දිග යයි 5ක් පොලිසියට ගෙනෙයි- මාධ්‍යය ආවරණයටත් බාධා

November 13, 2017   10:11 pm

(UPDATE 10.09 pm)

හෙම්මාතගම මුස්ලිම් පාසල් දෙකක සිසු ගැටුමට සම්බන්ධව සැකපිට සිසුන් 5 දෙනෙකු ප්‍රකාශ සටහන් කර ගැනිමට මීට සුළු මොහොතකට පෙර හෙම්මාතගම පොලිසියට රැගෙන ආ බව පොලිසිය පවසයි. ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් සිටියි.

හෙම්මාතගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් අතර අද 13 පස්වරුවේ  ඇති වූ ගැටලුවක් දුර දිග ගොස්  ගැටුමක් බවට පත්වී මේ වන විට තිදෙනෙක් හෙම්මාතගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම අවස්ථාව ආවරණය කිරිමට ගිය මාධ්‍යවෙදින්ට ද  රෝහල තුළ දී බාධා එල්ල විය.

සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය පරික්ෂණ පවත්වයි.