මුදල් ඇමති අය වැය කථාව ආරම්භ කරයි
November 9, 2017 03:33 pm
ජාතික අයැවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අද (09) දිනයේ පස්වරු 3.00 ට මුදල් අමාත්‍යතුමා විසින් අයවැය කථාව ආරම්භ කළ අතර එහිදී පහත සඳහන් යෝජනා අමාත්‍යවරයා ඉදිරිපත් කෙරිණි.
ප.ව 3.23 - නීල හරිත අයවැයක් ලෙස මෙවර අයවැය නම් කර තිබේ.
ප.ව 3.29 - 2030 තිරසාර ඉලක්ක 17ක් අත් කර ගැනීමට එකඟ වු අපගේ බැඳීම් ඉටු කිරීමට පමණක් නොව ඉදිරිය වෙනුවෙන් ඉටු කරන සාධනීය කරුණක් වන බව අවධාරණය කර සිටියේය.
ප.ව 3.38 - ප්ලාස්ටික් නිෂ්පාදන අධෛර්ය කිලෝ 1 සඳහා රුපියල් 10 නිෂ්පාදන බද්දක් පනවයි.
ප.ව 3.44 - දෙහිවල කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘත කූඩු සංකල්පය ට පරිවර්තනය කරන බවත් ඒයට සමගාමීව පින්නවල අලි අනාථාගාර ප්‍රතිසංස්කරණය කරන අතර පින්වල අලි ඇතුන්ට පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් බිලියන 75 ක් වෙන් කර තිබේ.
ප.ව 3.45 - ජංගම දුරකථන කුළුණු සංඛ්‍යාව ව්‍යාපෘති අධෛර්යමත් කිරීම සඳහා එක් කුළුණකට මසකට රුපියල් 2ක් අය කිරීමට තීරණය කෙරිණි.
ප.ව 3.53 - කාලගුණය පදනම් කර ගත් රක්ෂණ ක්‍රමයක් යෝජනා කළ අතර භෝග වර්ග 6 ක් සඳහා අක්කරයකට රුපියල් 40000 ක උපරිම රක්ෂණ ආවරණයක් මෙන්ම ගොවියා හා රජය දෙදෙනාම දායකත්වය දක්වා මෙම රක්ෂණය සැකසීමට නියමිතයි. මේ සඳහා 2018 දී රුපියල් මිලියන 3000ක් ආයෝජනය කරීමට නියමිතයි.
ප.ව 3.55 - වැවක් සමඟ ගමක් තවදුරටත් ක්‍රියාත්මක වේ.
ප.ව 4.05 - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුල්‍ය පහසුකම් ලබා දීමට නව බැංකුවක් අරම්භ කිරීමට යෝජනා.
ප.ව 4.08 - කාන්තාවන් දිරිමත් කිරීමට ඕනෑම ව්‍යාපාරයක් සඳහා ණය ක්‍රමය යටතේ පොලිය අනුපාතය සියයට 10ක වැඩියෙන් ලබා දීමට නියමිත අතර වෙනස් වු හැකියාවන් සහිත පුද්ගලයින්ට ද සියයට 15ට පොලී අනුපාතිකයක් සමඟ ණය ලබා දී ඔවුන් දිරිමත් කිරීමට බලාපොරොත්තු වේ.
ප.ව 4.18 - දේශිය පොල් තෙල් හා පොල් මද ආශිත නිෂ්පාදන සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද වසරක් සඳහා ඉවත් කර තිබේ.
ප.ව 4.26 - 2025 සංචාරකයින් මෙරටට පැමිණිම තුන් ගුණයකින් ඉහළ දැමීමට පියවර ගනීමට නියමිතය.
ප.ව 4.28 - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් සංචාරකයින්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වා දීමට බලාපොරොත්තු වේ. එහිදී සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පුහුණු කිරීමට යෝජනා කර තිබේ.
ප.ව 4.40 - බදුල්ල, මහනුවර, ත්‍රීකුණාමලය, රත්නපුරය හා අනුරාධපුරය වැනි ප්‍රදේශවල වෘත්තීය තාක්ෂණික පුහුණු පාසල් 5ක් ස්ථාපිත කිරීමට නියමිතය.
ප.ව 4.43 - පාසල් විෂය නිර්දේශය සඳහා ජාන විද්‍යාව, කේතකරණය, නැනෝ තාක්ෂණය සහ රොබෝ විද්‍යාව ඇතුළත් කිරීමට බලාපොරොත්තු නියමිතය.
ප.ව 4.45 - විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
ප.ව 4.47 - වෛද්‍ය පීඨ දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1250ක් වෙන් කරයි.
ප.ව 4.49 - විශ්වවිද්‍යාල සිසුන්ටත් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙයි
ප.ව 4.50 - ග්‍රාමීය ක්‍රීඩාංගන 100 ක් සංවර්ධනයට රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබේ.
ප.ව 4.58 - මානසික සෞඛ්‍ය වර්ධනයට මිලියන 25 ක් වෙන් කරයි
ප.ව 4.59 - 2018 අප්‍රේල් මාසයේ සිට මධ්‍යසාර සඳහා ජාතිය ගොඩනැඟීමේ බද්දට යටත් කර ඇත.
ප.ව 5.03 - අඩු ආදායම් ලාභීන් සඳහා 2020 වන විට නිවාස 20000 ක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.
ප.ව 5.04 - නාගරික පුනර්ජීවනය සඳහා රුපියල් මිලියන 24000ක් වෙන් කරයි.
ප.ව 5.07 - පොලිස් හා අපරාධ පරීක්ෂණය සඳහා විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට යෝජනා වී ඇත.
ප.ව 5.09 - එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පුහුණුව සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කරයි.
ප.ව 5.16 - නුතන කලා කටයුතු සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර මට්ටමේ කලා රංගායතනයක් මොරටුව ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙයි.
ප.ව 5.17 - කලාකරුවන් වෙනුවෙන් හදිසි හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතය.
ප.ව 5.20 - රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පොදු වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.
ප.ව 5.21 - 2016 පසු විශ්‍රාම ගිය පුද්ගලයින්ට ජිවිතාන්තය දක්වා අග්‍රහාර රක්ෂණයක්.
ප.ව 5.30 - 2018 අප්‍රේල් 1 ක්‍රියාත්මක වන පරිදි බැංකු මඟින් සිදුකරන ලබන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20 ක් වන අනුපාතයක් අනුව ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක් පනවා තිබේ. මෙය තාවකාලික බද්දක් වන අතර මෙය වසර 3කට සීමාවේ.
ප.ව 5.31 - රේගු පනත අලුත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව ලියකිවිලි රහිත ඩිජිටල් ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක වේ. 2018 ජනවාරී 1 සිට ආනයනය අදාළ සියලු ලියකියවිලි ස්වයං ක්‍රීයව සිදු කරනු ලබනවා.
ප.ව 5.37 - පානීය නොවන මධ්‍යසාර ලීටර 1 රුපියල් 15ක් වන සුරා බද්දක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
ප.ව 5.38 - 2018 අප්‍රේල් 1 සිට කෙටි පණිවිඩ මඟින් සිදුකරනු ලබන අලෙවි ප්‍රචාරණයන් සඳහා එක් පණිවිඩයකට ශත 25 ගාස්තුවක් අය කිරිමට යෝජනා කරයි.
ප.ව 5.43 - අයවැය අධීක්ෂණයට අමාත්‍යාංශයේ පසුවිපරම් ඒකකයක් වහාම පිහිටු වීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.