ඉන්ධන ලබා ගන්න අදත් දිගු පෝලිම්

ඉන්ධන ලබා ගන්න අදත් දිගු පෝලිම්

November 6, 2017   12:40 pm



රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් ජනතාව ඉන්ධන පිරවුම් අසළ පෝළිම්වල රැඳී සිටින  බව වාර්තා වෙයි.

අද දෙරණ වාර්තාකරුවන් පවසන්නේ බොහෝ ඉන්ධන සැල් මේ වන විට වසාදමා ඇති බවයි.

මෙරටට ඉන්ධන රැගෙන ඒම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන් රථ වාහන සඳහා ඉන්ධන සැපයීම සීමා කර තිබේ.